ආබාධිතභාවය කෙතරම් සුලභද කියා උදාහරණ සමග ඉගෙන ගනිමු.
සමාජය ආබාධ සහිත පුද්ගලයින් චාන් සිතන අයුරු හා ඔවුන් හට සලකන අයුරු ගැන සොයා බලමු.
ආබාධ සහිත පුද්ගලයින් සමඟ ගෞරවාන්විතව කටයුතු කිරීමට ඉගෙන ගන්න
ඔබගේ දැනුම පොඩි ක්‍රියාකාරකමකින් පරික්ෂා කරමු.
සිංහල හෝ දෙමළ කතා කරන දෘශ්‍යාබාධිත පුද්ගලයෙකුට කාර්යයක් කිරීමට උපකාර කිරීම සඳහා ඔබේ දවසෙන් මිනිත්තු කිහිපයක් වෙන් කරනවාද? එසේ නම්, අදම ‘Be My Eyes’ යෙදුමට සම්බන්ධ වන්න! දෘශ්‍යාබාධිත පුද්ගලයින්ගෙන් ලැබෙන වීඩියෝ ඇමතුම්වලට ප්‍රතිචාර දක්වන්න සහ ඔවුන්ගේ ඇඳුම ගැලපෙනවාද යන්න, ඔවුන්ගේ කිරි පෙට්ටියේ කල් ඉකුත් වීමේ දිනය ගෙවී ගොස් තිබේද යන්න හෝ ඔවුන්ගේ අල්මාරියේ ඇති කුමන බහාලුම ඔවුන් සොයන එකද යන්න වැනි එදිනෙදා කාර්යයන් සඳහා ඔවුන්ට සහාය වන්න.
මට සිංහලෙන් උදව් ලබා දිය හැකියි: https://share.bemyeyes.com/invite/5BHLEP9XZ
මට දෙමළෙන් උදව් ලබා දිය හැකියි: https://share.bemyeyes.com/invite/4PTW2MF6K
කතා කරමු / கதைப்போமா යෙදුම පුද්ගලයන්ට නොමිලේ පහසුවෙන් සිංහලෙන් හෝ දෙමළෙන් පණිවිඩ ටයිප් කර, ඒවා කථනයට පරිවර්තනය කිරීමට උපකාරී වේ. මෙය කතා නොකරන පුද්ගලයින්ට ඔවුන් වටා සිටින පුද්ගලයින් සමඟ සන්නිවේදනය කිරීමට ඉඩ සලසයි. මෙම App එක, Yaala Labs (Pvt) Ltd සමඟ සහයෝගයෙන් E.A.S.E පදනම විසින් නිර්මාණය කරන ලදි. එය ඔබගේ Android උපාංගයට බාගත (download) කිරීමට මෙතැන ක්ලික් කරන්න.